```html TK PHYSICS | Tharusha Liyanage
A/L PHYSICS • ONLINE LEARNING

TK PHYSICS

Physics ඉගෙනගන්න.
Physics තේරුම්ගන්න.
Physics ජයගන්න.

Tharusha Liyanage විසින් මෙහෙයවන Physics Online Class

A/L Physics සඳහා සංකල්ප පැහැදිලිව, ක්‍රමානුකූලව සහ විභාගයට අවශ්‍ය ආකාරයෙන් ඉගෙනගැනීමට නිර්මාණය කළ Online Physics පන්තියකි.

F = ma
v = u + at
E = mc²
λ = h/p
Tharusha Liyanage
Instructor
Tharusha Liyanage
University of Ruhuna • Computer Engineering
👨‍🏫 Teacher

ගුරුවරයා ගැන

Tharusha Liyanage

University of Ruhuna – Undergraduate • Computer Science

Physics විෂයය සරලව හා පැහැදිලිව අවබෝධ කරගැනීමට අවශ්‍ය මූලික සංකල්පවල සිට විභාග ප්‍රශ්න විසඳීම දක්වා ක්‍රමානුකූලව මඟපෙන්වන Physics ගුරුවරයෙකි.

“Physics කියන්නේ මතක තබාගන්න විෂයක් නෙවෙයි — තේරුම්ගන්න විෂයක්.”
Why TK Physics

🚀 ඇයි අපේ Physics පන්තිය තෝරාගත යුත්තේ?

🧠 ප්‍රශ්න හිතන්න පුරුදු කරවන ශ්‍රී ලංකාවේ වෙනස්ම Physics පන්තියක්!

Physics කියන්නේ සිද්ධාන්ත මතක තබාගෙන පමණක් ලකුණු ගන්න පුළුවන් විෂයක් නෙවෙයි. ප්‍රශ්නයක් දැක්කම හිතන්න, විශ්ලේෂණය කරන්න සහ නිවැරදි ක්‍රමයට විසඳන්න පුරුදු විය යුතු විෂයක්.

ඒ නිසාම අපේ අරමුණ “ඉගැන්වීම” පමණක් නොව, දරුවාට Physics හිතන්න පුරුදු කිරීමයි.

📚

Theory – සිද්ධාන්ත මුල සිට

Zero Level එකේ සිට සරලව, පැහැදිලිව සහ ක්‍රමානුකූලව සම්පූර්ණ සිද්ධාන්තය ආවරණය කරමින් Zero → Hero ගමනක්.

✍️

වැඩ කරවන පන්තියක්

ගුරුවරයා කරන උදාහරණ බලලා ඉන්න පන්තියක් නෙවෙයි. දරුවාටම ප්‍රශ්න විසඳවමින් Physics හැකියාව ගොඩනගන පන්තියක්.

🧠

ප්‍රශ්න හිතන්න පුරුදු කිරීම

Formula එකක් මතක තබාගෙන answer එක සොයනවා වෙනුවට, “ඇයි?”, “කොහොමද?”, “මොන concept එකද?” කියලා හිතන්න පුරුදු කිරීම.

👨‍🏫

එක එක දරුවා කෙරෙහි විශේෂ අවධානය

හැම දරුවෙකුගේම දුර්වලතා හඳුනාගෙන, පුද්ගලික අවධානය සහ මගපෙන්වීම ලබාදීම අපේ විශේෂත්වයක්.

📝

සුපිරිම Paper Class එක

Past Papers, Model Papers සහ විභාගයට අදාළ ගැටලු ක්‍රමානුකූලව සාකච්ඡා කරමින් නිවැරදිව පිළිතුරු ලියන හැකියාව වර්ධනය කිරීම.

🎯

Exam-Oriented Training

ලකුණු ලබාගන්නා ආකාරය, කාල කළමනාකරණය සහ ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ආකාරය පිළිබඳ පුහුණුව.

📞

24 Hours Sir Contact & Support

පන්තියෙන් පිටතදීත් Physics ගැටලු සහ පැහැදිලි කිරීම් සඳහා WhatsApp හෝ Direct Calling හරහා පැය 24 පුරා සම්බන්ධ විය හැක.

💬 WhatsApp 📞 Direct Calling ⏰ 24 Hours
🌟 අපේ අරමුණ

“Physics දන්න දරුවෙක්” හදන එක නෙවෙයි.
“Physics හිතන්න පුළුවන් දරුවෙක්” හදන එකයි.

🚀 ZERO TO HERO

Theory → Understanding → Practice → Problem Solving → Papers → Exam Success

ඔබේ Physics ගමනේ ආරම්භය Zero වුණත්, අවසානය Hero කෙනෙක් වීම අපේ අරමුණයි.

Courses

📚 අපේ Physics Classes

ඔබගේ A/L වසරට සහ අවශ්‍යතාවයට ගැළපෙන පන්තිය තෝරන්න.

2027 A/L

2027 SPEED THEORY

⚡ වේගවත්ම මාර්ගයෙන් Physics Theory ආවරණය කරමු.

2027 A/L සඳහා සූදානම් වන සිසුන් වෙනුවෙන් නිර්මාණය කළ Speed Theory Class එකකි. විෂය නිර්දේශයේ Theory කොටස් ක්‍රමානුකූලව ආවරණය කරමින්, වැදගත් සංකල්ප පැහැදිලි කර දී ඒවා ප්‍රශ්න විසඳීම සඳහා භාවිතා කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කරයි.

සුදුසු: 2027 A/L සිසුන් සඳහා

2027 Speed Theory – වැඩි විස්තර
2028 A/L

2028 THEORY CLASS

🎓 2028 A/L Physics සඳහා ශක්තිමත් ආරම්භයක්.

2028 A/L සඳහා සූදානම් වන සිසුන් වෙනුවෙන් Physics විෂයයේ මූලික සංකල්පවල සිට සම්පූර්ණ Theory දක්වා ක්‍රමානුකූලව ඉගෙනගැනීමට නිර්මාණය කළ පන්තියකි. Physics විෂයය මුල සිට නිවැරදිව අවබෝධ කරගෙන, ඉදිරියේදී ගැටලු විසඳීම සහ විභාගයට සූදානම් වීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනමක් ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණයි.

සුදුසු: 2028 A/L සිසුන් සඳහා

2028 Theory Class – වැඩි විස්තර
2nd SHY

02nd SHY STUDENTS CLASS

🔥 නැවතත් Physics වලට හොඳම ආරම්භයක්.

A/L Physics නැවත වරක් සිදුකරන සිසුන් වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ පන්තියකි. පෙර වසරේදී ඇති වූ දුර්වලතා හඳුනාගෙන, අත්‍යවශ්‍ය Theory කොටස් නැවත පැහැදිලි කරමින්, විභාග ප්‍රශ්න විසඳීම සහ ලකුණු වැඩි කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය ලබාදීම මෙහිදී සිදුකෙරේ.

  • 🔹 අමාරු Theory කොටස් නැවත පැහැදිලි කිරීම
  • 🔹 වැදගත් ප්‍රශ්න හා ප්‍රශ්න රටා
  • 🔹 Past Paper / Model Paper ප්‍රශ්න
  • 🔹 දුර්වල කොටස් හඳුනාගෙන වැඩිදියුණු කිරීම
  • 🔹 විභාගයට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව

සුදුසු: A/L Physics 2nd shy සිසුන් සඳහා

02nd Shy Class – වැඩි විස්තර
Start Today

ඔබේ Physics ගමන අදම ආරම්භ කරන්න.

Theory තේරුම් ගන්න.
ප්‍රශ්න විසඳන්න.
විභාගය ජයගන්න.

TK Physics සමඟ එකතු වන්න.

```